සම්බුදු
තෙමඟුල
සමරමින්
2016
වෙසක්
පුන්
පොහෝ
දින
සංවිධානය
කරනු
ලබන
අපහට
ආවේනික
වූ
දේශීය
භෝජන
රටාව
තුල
සුවිශේෂී
ස්ථානයක්
කොළ
කැඳට
හිමිවෙයි.
අතීත
ගැමි
ජන
සමාජය
තුල
මෙන්ම
කාර්ය
බහුල
නූතන
ජන
සමාජය
තුලද
එකසේ
නොනැසී
පවතින්නේ
කොළ
කැඳ
සතු
විශේෂ
පෝෂණීය
හා
ඖෂධීය
ගුණාංග
නිසා
විය
යුතුය.
රජෙක්
මෙන්
ආහාර
ගත
යුතුයැයි
ජන
වහරේ
පවතින
උදැසන
ආහාර
වේලට
කොළ
කැඳ
වීදුරුවක්
එකතු
කර
ගැනීමට
බොහෝ
දෙනා
පෙළඹෙන්නේ
මෙහි
ඇති
ගුණාත්මක
බව
නිසාවෙනි.
එසේම
කොළ
කැඳ
ළදරුවාගේ
සිට
මහල්ලා
දක්වාත්
නිරෝගී
පුද්ගලයාගේ
සිට
ඉතා
දුර්වල
වූ
රෝගීයා
දක්වාත්
එකසේ
භාවිතා
කල
හැකි
සැහැල්ලු
ආහාරයකි.
කොළ
කැඳ
සඳහා
යොදා
ගන්නා
කොළ
වර්ගය
අනුව
එම
කැඳට
විශේෂ
ඖෂධීය
ගුණයන්
එකතු
වේ.
වා,පිත්,
සෙම්
යන
තිදොස්
සමනය
කිරීමේ
ගුණය
මෙන්ම
ආහාර
ජීරණ
ශක්තිය
වර්ධනය
,
පහසුවෙන්
මළ
පිටවීම,
ලේ
පිරිසිදු
කිරීම,
ශරීර
ධාතු
පෝෂණය
කිරීම,
තාරුණ්‍යය
රැකගැනීම
ආදිය
කොළ
කැඳ
භාවිතයෙන්
පොදුවෙ
සැලසෙන
වාසි
වේ.
කොළ
කැඳ
සඳහා
යොදා
ගන්නා
ගෙවත්තේ
ඇති
පලා
වර්ග
සහ
ඖෂධීය
පැළෑටි
කීපයක්..
පොල්පලා
ඖෂධීය
ගුණ
-
මුත්‍රා
පිරිසුදු
කිරීමේ
ගුණයක්
මෙන්ම
මුත්‍රා
ගල්
දිය
කිරීමේ
හැකියාවක්
ද
ඇත.
විෂ
නැසීමේ
ගුණයකින්
ද
යුක්ත
ය.
උදෑසන
ආහාරයට
පොල්පලා
කැඳක්
ලෙස
හෝ
දෛනික
ආහාරයට
පලා
මැල්ලුමක්
ලෙස
හෝ
යොදාගත
හැකි
ය.
ඔසු
පැන්
වශයෙන්
පිපාසයට
බීමෙන්
ඉහත
සඳහන්
රෝග
සුව
වෙයි.
මුත්‍රා
අඩස්සිය
ඇති
විට
දී
පොල්පලා
සම්පූර්ණ
ගස
තම්බා
බීමෙන්
හොඳින්
මුත්‍රා
පහ
වී
අඩස්සිය
සමනය
වෙයි.
හාතාවාරිය
ඖෂධීය
ගුණ
-
ශරීර
ශක්තිය
වර්ධනය
කරයි.
රුධිරයේ
ආම්ලිකතාව
අඩු
කරයි.
මුත්‍රා
හොඳින්
පහ
කරයිසන්ධි
ඉදිමුම්
වලදීත්,
අධික
ලෙස
මස්
ආහාරයට
ගැනීම
නිසා
රුධිරයේ
ඇති
වන
ආම්ලිකතාව
නැති
කිරීම
සඳහාත්
හාතාවාරිය
අල
මිරිකාගත්
යුෂ
බීම
වඩාත්
සුදුසු
ය.
එළකිරිවලින්
තම්බාගත්
හාතාවාරිය
අල
ආහාරයට
ගැනීම
ශරීර
ශක්තිය
වර්ධනය
කිරීමට
හේතු
වෙයි.
උදෑසන
ආහාරයක්
ලෙස
හාතාවාරිය
කොළ
කැඳ
ගැනීම
ශරීරගත
රෝග
රාශියක්
සමනය
කිරීමට
හේතු
වෙයි.
හාතාවාරිය
කොළ
යුෂ
සමග
පිසගත්
හීනටි
හාල්
කැඳ
ලුණු
නැතිව
ගිතෙල්
සමග
පානය
කිරීම
අක්ෂි
රෝගවලට
ගුණදායක
ය.
හාතාවාරිය
කොළ
කැඳ
පිත
සමනය
කරයි.
වාතය
නසයි.
ශරීර
දැවිල්ල
නැති
කරයි.
ස්ත්‍රීන්
ගේ
අධික
ලෙස
ඔසප්
වීම
වළක්වයි.
ශරීර
ශක්තිය
වඩන
පානයක්
ලෙස
ප්‍රසිද්ධ
ය.
හාතාවාරිය
අල
කැඳ
පිසීමේ
දී
හාතාවාරිය
අලවල
පොතු
හැර
මැද
නාරටිය
ඉවත්
කර
කැඳ
පිසින
සාමාන්‍ය
ක්‍රමයට
පිසගත්
විට
වාතය
හා
පිත
නසයි.
දියවැඩියාවට
ගුණදායක
ය.
ස්නායු
ශක්තිමත්
කරයි.
හදවතට
ද
හිතකර
ය.
කරපිංචා
-
ආහාර
අජීර්ණය,
කෑම
අරුචිය,
බඩගින්න
නැතිකම,
බඩේ
කැක්කුම,
බඩ
පුරවා
දැමීම
වැනි
අවස්ථාවල
දී
කරපිංචා
කොළ
දෛනික
ආහාරයට
මැල්ලුමක්
ලෙස
හෝ
සම්බෝලයක්
ලෙස
හෝ
ලුණු
මිරිසක්
ලෙස
හෝ
යොදා
ගැනීමෙන්
දෝෂ
තත්ත්වය
සුව
වෙයි.
කරපිංචා
කොළ
කැඳ
උදෑසන
ආහාරයට
එක්
කර
ගැනීම
ද
කලින්
සඳහන්
කළ
දෝෂ
තත්ත්ව
මඟහැරවීමට
හේතු
වෙයි.
සර්ප
විෂ
ශරීරගත
වූ
විට
කරපිංචා
කොළ
කැඳ
හීනටි
හාල්
සමග
පිස
ලුණු
නො
දමා
හිස්
බඩ
බීමෙන්
විෂ
නැති
වී
යයි.
විද්‍යාත්මක
පර්යේෂණවලින්
රුධිරගත
කොලෙස්ටරෝල්
අඩු
කිරීමේ
ගුණයක්
ඇති
බැව්
හෙළි
වී
ඇත.
දේශීය
වෛද්‍ය
විද්‍යාවේ
දීත්
රුධිරගත
කොලෙස්ටරෝල්
අඩු
කිරීම
සඳහා
දිනපතා
ආහාරයට
කරපිංචා
ඇතුළත්
කර
ගන්නා
ලෙස
නිර්දේශ
කර
ඇත.
ඉරමුසු
ඖෂධ
සඳහා
සම්පූර්ණ
පැළැටිය
ම
ගනී.
තුන්
දොස්
හෙවත්
වා,
පිත්,
සෙම්
නැසීමේ
ගුණයක්
ඇත.
ලේ
පිරිසුදු
කිරීමේ
ගුණයක්
ඇති
බැවින්
කිරි
දෙන
මවුවරුන්ට
සහ
දියවැඩියාව
රෝගීන්ට
හිතකර
ය.
ආහාර
ජීර්ණය
කර
රුචිය
වඩවයි.
හොඳින්
මළ
පහ
කරවයි.
ආහාර
අසාත්මිකතා
ඇති
අවස්ථාවක
දී
ඉරමුසු
තම්බා
බීම
හෝ
ඉරසුමු
මුල්
කුඩු
කර
උණුවතුරට
දමා
තම්බා
බීම
වඩාත්
සුදුසු
ය.
මී
විෂ
ශරීරගත
වූ
විට
ඉරමුසු
මුල්
කසාය
ගිතෙල්
සමග
බීමෙන්
විෂ
සහිත
බව
නැති
වෙයි.
මේ
සියලු
දෝෂ
නැති
කර
ගැනීම
සඳහා
උදෑසන
ආහාරයක්
වශයෙන්
හෝ
ඉරමුසු
කැඳ
පිස
බීම
වඩාත්
සුදුසු
වෙයි.
හිස
කෙස්
වර්ධනය
කිරීමේ
හැකියාවක්
ද
ඉරමුසුවලට
ඇත.
වැල්
පෙනෙල
දේශීය
වෛද්‍ය
විද්‍යාවේ
සම්පූර්ණ
පැළෑටිය
ම
ඖෂධ
පිණිස
ගනී.
මුත්‍රා
කාරකයක්
වන
වැල්
පෙනෙල
ස්නායු
රෝග
සඳහා
කරන
ප්‍රතිකාරවල
දී
යොදා
ගනී. කැඩුම්
බිඳුම්
වෙදකමේ
දී
බිඳුණු
අස්ථි
සකස්
කිරීම
සඳහා
වැල්
පෙනෙල
යොදා
ගනී.
උදෑසන
ආහාරයට
වැල්
පෙනෙල
කැඳ
ගැනීම
ශරීර
ශක්තිය
වර්ධනයටත්
ස්නායු
වර්ධනයටත්
හේතු
වෙයි.
එරබදු
ඖෂධීය
ගුණයෙන්
පිරිපුන්
එරබදු
කොළ,
පොතු
හා
ඇට
යන
සියල්ල
ම
ඖෂධ
පිණිස
ගනි.
ළපටි
එරබදු
දලු
හෝ
කොළ
පලාවක්
ලෙසටත්,
මැල්ලුමක්
ලෙසටත්
ආහාරයට
ගත
හැකි
ය.
ළපටි
එරබදු
දලු
ආහාරයට
ගැනීමෙන්
ආහාර
රුචිය
වඩවයි.
රාත්‍රී
නින්ද
නො
යන
අයට
නින්ද
යන
ඖෂධයක්
ලෙස
එරබදු
දලු
වෑංජනයක්
ආකාරයට
ගත
හැකි
ය.
අලුත්
එරබදු
පොතු
සහ
කොළ
කොටා
සමේ
ආබාධ
හා
ඉදිමුම්වලට
ප්‍රතිකර්මයක්
ලෙස
ආලේප
කෙරෙයි.
ළදරුවන්
ගේ
කෘමි
රෝගවලට
අලුත්
එරබදු
දලු
යුෂ
තේ
හැන්දක
ප්‍රමාණය
මී
පැණි
දමා
දීමෙන්
වට
පණුවන්,
පටි
පණුවන්,
කිරි
පණුවන්
නිසා
ඇති
වන
රෝග
සුව
වෙයි.
කිරි
දෙන
මවුවරුන්ට
එරබදු
කොළ
මැල්ලුම
වැඩිපුර
දීමෙන්
කිරි
වර්ධනය
වන
බව
ග්‍රාමීය
පෙදෙස්
වල
බොහෝ
මවුවරු
අත්දැකීමෙන්
දනිති.
No comments:
Post a Comment